Speed Shrimp ජංගම යෙදුම
ඉස්සන් වගාව ලෝකයේ ඉතාමත්ම ලාභදායක ව්‍යාපාරයක් වන නමුත්, ඉස්සන්ට වැළඳෙන EHP, White Spot Syndrome Virus, Early motility Syndrome ඇතුළු නොයෙකුත් ලෙඩරෝග නිසාත්, ඉස්සන්ගේ අඩු වර්ධන වේගය නිසාත්, දැන් දැන් ඉස්සන් වගාවෙන් ගොවීන්ට පාඩු සිදුවීමේ වැඩි අවදානමක් පවතී. ගොවීන්ට දිගින් දිගටම පාඩු සිදුවීමෙන් ගොවීන් වගා කටයූතුවලින් ඉවත්වයෑමේ ප්රවනතාවයක් ඇතිවෙමින් පවතින අතර,එය ඉස්සන් අභිජනාගාරවලට, ඉස්සන් ආහාර නිෂ්පාදකයන්ට, ඉස්සන් ආහාර ආනයනකරුවන්ට, ඉස්සන් වගාව සඳහා අවශ්‍ය යෙදුුම් හා උපකරණ සපයන්නන්ට හා වගාබිම් සේවකයන්ට කෙලින්ම බලපාන නිසා, සමස්ථ ඉස්සන් වගා කර්මාන්තයම කඩාවැටීමේ ඉතා විශාල අවදානමක් මේ වනවිට ලොවපුරා පවතී.
මේ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කිරීමෙන් පසු, බොහෝ ගොවීන් සෑම සතියකම තම වගා පොකුණුවල ඉස්සන්ගේ වර්ධන වේගය සමීපව නිරීක්ෂණය කරනා නමුත්, ඔවුන් ඉස්සන්ගේ සතියේ වර්ධනයට සාපේක්ෂව සතියේ නිශ්පාදන වියදම විශ්ලේෂණයකර නොබලන බවත්,එම හේතුව මත පොකුනේ අවසාන අස්වැන්න නෙලාගන්නා තුරු ගොවීන් ඔවුන්ගේ වගාවේ මූල්‍යමය තත්වය නොදැන සිටිනා බවත් හඳුනාගන්නා ලදී. මෙය මුලූ මහත් ඉස්සන් වගා කර්මාන්තයටම විශාල අභියෝගයක් එල්ල කරයි. කෙසේ වෙතත්, ඔවුන්ගේ පොකුණුවල මූල්‍ය සංවර්ධනය සඳහා තීරණාත්මක වන ඉස්සන්ගේ වර්ධනයට සාපේක්ෂව අනෙකුත් සතිපතා වියදම් විශ්ලේෂණය කිරීමටත්, සතියෙන් සතිය වගා පොකුණ මුල්‍යමය වශයෙන් ගමන් කරනා දිශානතිය පිලිබඳව විශ්ලේෂණය කරගැනීමටත්, ඔවුන්ට උපකාර අවශ්‍යවේ. මෙම ගැටළුව විසඳීම සඳහා තිරසාරව ඉස්සන් වගා කරන ප්රමුඛ රටවල විශේෂඥයින් කණ්ඩායමක් එක්ව, ˜Speed Shrimp˜ ජංගම යෙදුම සංවර්ධනය කිරීමට එක්විය. මෙම මුලපිරීමේ මූලික අරමුණ වූයේ ගොවීන්ට ස්ථාවර හා ආරක්ෂාකාරී වගාවක් පවත්වාගෙන යෑමට සහයෝගය දැක්වීම තුළින්, සමස්ථ කර්මාන්තයම කඩාවැටීමේ අවදානමෙන් ආරක්ෂා කරගැනීමයි. ˜Speed Shrimp˜යනු, තිරසාරව ඉස්සන් වගාව පවත්වාගෙන යාමට සහ වැඩිදියුණු කිරීමට, පර්යේෂණ සොයාගැනීම්, හොඳම භාවිතයන්, මාර්ගෝපදේශ සහ ප්‍රායෝගික විසඳුම් ඒකාබද්ධ කරන ස්මාර්ට්ෆෝන් යෙදුමකි.
˜ Speed Shrimp ˜ ඔබේ ඉස්සන් ගොවිපල පිළිබඳ සියලූම වැදගත් මෙහෙයුම් තොරතුරු විශ්ලේෂණය කර, සැනෙකින් එය ඔබේ ඇඟිලිතුඩු මත තබයි. ක්ලික් කිරීම් කිහිපයක් සමඟින්, ඔබට දැන් ඔබේ වගාව පිළිබඳව අවශ්‍ය සියලූම දත්ත වෙත වේගයෙන් ප්‍රවේශ විය හැක.ඔබට, ඔබගේ ආයෝජනය සඳහා උපරිම ආරක්ෂාවක් සහතික කරගන්නා අතරම බාධාවකින් තොර මූල්‍ය විශ්ලේෂණයන් භුක්ති විඳීමට,˜ Speed Shrimp ˜ජංගම යෙදුම දැන් ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ App Store හෝ Play Store වෙත පිවිස, බාගත කරගන්න.
සතුටුදායක සහ තිරසාර වගාවේ ප්රතිලාභ භුක්ති විඳීමට පටන් ගන්න….!
යෙදුම් ලේඛන
මෙම download බොත්තම් හරහා ඔබට, මේ ජංගම යෙදුම ගැන හැඳින්වීමත්, මේ ජංගම යෙදුමට නිවැරදිව දත්ත ඇතුලත් කිරීමේ උපදෙස් මාලාව හා, මේ ජංගම යෙදුම මගින් ගණනයකර ඔබහට ලබාදෙන විශ්ලේෂිත මූල්‍යමය දත්ත පිළිබඳ සියලූම තොරතුරුත්, PDF ෆයිල් ලෙස නොමිලේ බාගත කරගත හැකිවේ.
පියවර-1
ඔබගේ දත්ත ඇතුලත් කරන්න
විශ්ලේෂණ වාර්තාව උත්පාදනය කිරීම සඳහා ඔබේ පොකුණු දත්ත, .ඉස්සන් පැටවුන් තැන්පත් කල ප්‍රමාණය, ඉස්සන්ගේ බර, ඉස්සන්ගේ මිල යනාදිය ඇතුළත් කරන්න.
- දත්ත ඇතුළත් කිරීම සඳහා පහසු අතුරු මුහුණතක්.
- පහසුව සඳහා ඒකක වර්ගය පෙන්වයි.
- නිරවද්‍යතාවය සඳහා වලංගු නොවන දත්ත පෙරහන් කරයි.
පියවර-2
වාර්තා ජනනය වීම
දත්ත ඇතුළත් කිරීමෙන් පසුව, සෑම පොකුණක් සඳහාම ඒ ඒ දිනයට අදාළව වෙන වෙනම විශ්ලේෂණ වාර්තා ස්වයංක්රීවය ජනනය වීම සිදුවේ .
- සෑම පොකුණක් සඳහාම වෙන වෙනම වාර්තා ජනනය කිරීමට හැකිවේ.
- ඒ ඒ දිනයන්වලට අදාලව වාර්තා ජනනයවීම සිදුවේ.
- පසුකාලීන භාවිතය සඳහා සෑම වාර්තාවක්ම සුරැකිව ස්ව්‍යංක්‍රීයව ගබඩාවේ.
පියවර-3
වාර්තා පරිශීලණය
විශ්ලේෂණ වාර්තාව ජනනය වීමෙන් පසු යෙදුම හරහා විශ්ලේෂණ වාර්තා නැවත පරිශීලණය කිරීමට සහ මුද්‍රණය කර ලේඛනගත කිරීම සඳහා අවශයනම් PDF ගොනු ලෙස බාගත කරගැනීමට හැකියාව ඇත.
- වාර්තා අගයන් අදාල ඒකකයන් සමඟ පෙන්වයි.
- ඉස්සන් වගාවට හිතකර ධන අගයන් කොළ පැහැයෙන් පෙන්වයි.
- ඉස්සන් වගාවට අහිතකර ඍණ අගයන් රතු පැහැයෙන් පෙන්වයි.
- සාරාංශය ප්‍රස්තාර වලින් පෙන්වයි.
පරිශීලක හිතකාමී
භාවිතයට පහසු සහ පරිශීලක හිතකාමී යෙදුම් පරිශීලක අතුරුමුහුණත
පහසු භාවිතය
ඕනෑම කෙනෙකුට පහසුවෙන් යෙදුම භාවිතා කළ හැකිවීම
වාර්තා ජනනය
දත්ත ඇතුළත් කර ඉතා පහසුවෙන් වාර්තා ජනනය කරගත හැකිවීම
ස්වයංක්‍රීයව වාර්තා සුරැකීම
අනාගත භාවිතය සඳහා වාර්තා ස්වයංක්‍රීයව සුරැකිව ගබඩාවීම
ප්‍රගති නිරීක්ෂණ
ඉස්සන්ගේ වර්ධනය හා මුල්‍යමය වශයෙන් වගාව තිබෙන තත්වය ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වීම
ප්‍රස්ථාර මගින් වගාවේ තත්වය පෙන්වාදීම
පරිශීලකයන්ට අවබෝධ කරගැනීමේ පහසුව සඳහා, ප්‍රස්තාර මගින් වගාවේ තත්වය පෙන්වාදීම